ආදරය හා එහි විද්‍යත්මක පසුබිම
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️වයස අවරුදු හයේදී, හතේදී විරුද්ධ ලිංගිකයෙකු ලඟින් යන්නවත් අකමැති කාලයක් සමහර විට ඔබටත් තියෙන්න ඇති. අවරුදු දහ හතරක්, පහළොවක් විතර වෙද්දී ඒ ගතිය ටික ටික විරුද්ධ තත්වයකට පත් වුන ආකාරයත් ඔබට මතක ඇති. ශරීරය වැඩි වියට පත් වීම සහ ආදරය එකිනෙක සම්බන්ධ වන්නේ කොහොමද? විරුද්ධ ලිංගිකයෙකු ට ආකර්ෂණය වීම, ආදරය, ජාන පරපුරේ අනාගතය වෙනුවෙන් ස්වභාවධර්මය ලබා දෙන අල්ලසක්ද? ස්ත්‍රී,පුරුෂ ජීවිතයක ඉතාම සරල ආකර්ශනයක සිට ජීවිත ගොඩනඟන හෝ දරා ගත නොහැකි ජීවිත නසන බැඳීමක් දක්වා ආදරය කියන හැඟීම සංකීර්ණ වන්නේ කෙසේද? ආදරය සම්බන්ධව සහ මානසික රෝග සම්බන්ධව මොළය ක්‍රියා කරන්නේ සමාන ආකාරයකට බව විද්‍යාවේ දී පැහැදිලි කර දී තිබෙනවා. එය එසේ නම් එය සිදුවන්නේ කෙසේ ද?
ජීව විද්‍යාත්මකව ජීවියෙකු සැකසී ඇත්තේ ප්‍රධාන කරුණු දෙකක් සඳහා වේ.
ජීවත් වීම.
තම ජාන පරපුර ඉදිරියට රැගෙන යාම.
ආදරය, ජාන පරපුර ඉදිරියට ගෙනයාම වෙනුවෙන් ස්වභාවධර්මය සකසා ඇති සංකීර්ණ ක්‍රියාවලියයි.
ආදරය සම්බන්ධ ප්‍රධාන කාරණා තුනකි
රාගය– රාගය මෙහෙයවනු ලබන්නේ Estrogen, Testosterone යන ලිංගික හෝමෝන මගිනි.
ආකර්ෂණය– මෙය සැබැවින්ම ආදරය කරන අවධිය ලෙස හැඳින්විය හැකිය. මිනිසුන් ආදරයෙන් බැඳී සිටින විට ඔවුන්ට වෙන කිසිවක් ගැන සිතිය නොහැකිය. කෑම රුචියක් නැතිව, නින්දක් නැතිව අදාළ කෙනා ගැනම හිත හිතා කාලය ගත කරපු අත්දැකීම ඔබටත් ඇති. එය ආකර්ශනීය අවධියේදී Monoamines නමින් හැඳින්වෙන ස්නායු සම්ප්‍රේෂක ඉටු කරන වැදගත් කාර්යය භාරයේ ප්‍රතිඵලයක්.
බැඳීම-රාගයත්, ආකර්ශනයත් සක්‍රීය වුනු පසුව එයින් නැවතී සෑහීමකට පත් වීමට අපට නොහැකිය. අපට බැඳීමක් අවශ්‍ය වේ. බැඳීම, තවත් ඇරඹුමක් වන්නේ එලෙසයි.
ආදරය සහ මොළය
ආදරය කියන සියුම් හැඟීමේ ආරම්භයට සහ පැවැත්මට මිනිස් මොළයේ රසායනයන්, හොර්මෝනයන් කිහිපයක් හේතු වනවා.
- Pheromones
- Estrogen, Testosterone
- Dopamine
- Adrenaline සහ Serotonin
- Norepinephrine
- Oxytocin
ආදරය කියන්නේ මොන තරම් සංකීර්ණ දෙයක්ද කියන එක තේරුම් ගන්න මේ ටිකම ඇති නේද?
♥️Pheromones
ඔබ නිශ්චිත කෙනෙකු වෙත ආකර්ෂණය වන්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? ඔබේ ශරීරය ඔබ එම පුද්ගලයාට කැමති බව දන්නේ කෙසේද? මේ සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන දෙයක් වන්නේ Pheromones ය. Pheromones යනු ඔබේ ශරීරය විසින් නිපදවන රසායනික ද්‍රව්‍යයක් වන අතර එය ඔබේ සමේ දහඩිය මගින් පරිසරයට මුදා හරිනු ලැබේ.මෙම මුදා හැරීම ඔබේ ජාන වලට වඩාත්ම ගැලපෙන විරුද්ධ ලිංගිකයකු හා ඔබ අතර ආකර්ශනයක් ඇති කරවයි. මෙය ශරීර වලින් පිටත සිදු වන ක්‍රියාවලියක් වන අතර සන්නිවේදන කටයුත්තක් ලෙස ගත හැකිය. ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් Pheromones වර්ග දෙකක් තිබේ. Androstenol යනු පිරිමින් විසින් නිපදවන Pheromones ය. Copulin කාන්තාවන් නිපදවන Pheromones ය. ගැහැණු ළමයෙක් ප්‍රජනක චක්‍රයේ සාරවත් අවධියේ සිටින විට එහි ක්‍රියාකාරිත්වය ප්‍රභල වේ.♥️Estrogen, Testosterone
ආදරය, ආකර්ෂණය සහ බැඳීම සඳහා මොළය සම්බන්ධ මූලික රසායනයන් වේ. මෙම රසායනයන් දෙක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සතුව තිබුනත් Testosterone පුරුෂ පක්ෂයටද Estrogen ස්ත්‍රී පක්ෂයටද වැඩි පුර සම්බන්ධව පවතී. Estrogen යනු ද්විතියික කාන්තා ලිංගික ලක්ෂණ වර්ධනය කරන කාන්තා ලිංගික හෝමෝනයකි. Estrogen මූලික වශයෙන් ඩිම්බ කෝෂ මගින් නිපදවනු ලබයි. කාන්තාවන් තුළ Estrogen ප්‍රධාන වර්ග තුනක් ඇත: Estrone, Estradiol සහ Estriol.Testosterone සාමාන්‍යයෙන් පිරිමින්ට රුධිරයේ ඩෙසිලිටරයකට නැනෝ ග්‍රෑම් 300 ත් 1200 ත් අතර ප්‍රමාණයක් ඇති අතර කාන්තාවන්ට නැනෝ ග්‍රෑම් 30 ත් 95 ත් අතර ප්‍රමාණයක් ඇත. Testosterone යනු ද්විතියික පිරිමි ලිංගික ලක්ෂණ වර්ධනය කරන ප්‍රමුඛතම ලිංගික හෝමෝනයයි. එය මූලික වශයෙන් වෘෂණ කෝෂ වල ස්‍රාවය වන අතර පුරස්ථි ග්‍රන්ථියේ වර්ධනය සඳහා ඉතා වැදගත් වේ. මේදය බෙදා හැරීම, රතු රුධිර සෛල නිෂ්පාදනය, ලිංගිකත්වය සහ ශුක්‍රාණු නිෂ්පාදනය සඳහා එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.








