🌉 පාලමේ ප්‍රෙහේලිකාව,,,,,,,,,,!
දැනුම සමුහය තුළින් අද අපි ප්‍රෙහේලිකාවක් විසඳන්නයි උත්සාහ කරන්නේ. මේ ප්‍රෙහේලිකාව අපි උපුටා ගත්තේ TedEd වෙතින්
හිතන්නකෝ ඔබ විශ්ව විද්‍යාලයෙන් සමත් වී පර්යේෂණාගාරයක සේවය කරන තරුණ විද්‍යාඥයෙක් කියලා. ඔබ සේවය කරන විද්‍යාගාරය පිහිටලා තියෙන්නේ ඈත පිටිසර කඳුකර ප්‍රදේශයක. මේ විද්‍යාගාරය තුළ විවිධාකාරයේ අභිරහස් ජීව විද්‍යාත්මක පර්යේෂණ සිදු කෙරනවා. ඔබ ඇරෙන්න මෙහි තව තුන් දෙනෙක් සේවය කරනවා. ඒ තමයි ඔබේ පර්යේෂණ සහායිකාව, විද්‍යාගාරයේ මුරකරුවා සහ ඔබේ උපදේශකයා ලෙස කටයුතු කරන වයස්ගත මහාචාර්යවරයා.
ඉතින් දවසක් ඔබ අතින් අවාසනාවන්ත අත් වැරදීමක් සිදුවෙනවා. විද්‍යාගාරයේ වසා තිබුණු ආරක්ෂිත කුටීරයක දොරටුවක් ඔබේ අතින් වැරදීමකින් විවෘත වෙනවා. ඒ රහස් කුටිය තුළ සඟවා තිබුණේ පර්යේෂණ වලින් නිර්මාණය කළ මාංශ භක්ෂක විකෘති සත්වයෙක්. ඉතින් ඔබ හැකි ඉක්මනින් ඔබේ අනෙක් සඟයන් තුන් දෙනාත් සමග පණ බේරාගෙන විද්‍යාගාරයෙන් පැනලා යනවා.
නමුත් පැනලා යන එක ඒ තරම් පහසු වෙන්නේ නැහැ. මොකද විද්‍යාගාරය පිහිටලා තියෙන කන්ද අනෙක් කඳු වලින් වෙන් කරන්නේ ප්‍රපාතයකින්. ඒ ප්‍රපාතයට උඩින් පුංචි එල්ලෙන පාලමක් පමණයි තියෙන්නේ. නමුත් ඔබ හතර දෙනා පාලම ඔස්සේ ගමන් කරන්නේ එකිනෙකට වෙනස් වේග වලින්. ඔබ හොඳ ශක්තිමත් තරුණයෙක්. ඒ නිසා ඔබට එක විනාඩියකදී පාලමේ එහා පැත්ටට යන්න පුළුවන්. ඔබේ සහායිකාවට ඒ සඳහා විනාඩි 2ක් යනවා. මැදිවියේ සිටින මුරකරුවාට ඒ සඳහා විනාඩි 5ක් යනවා. නමුත් හරිහැටි ඇවිදගන්නටත් බැරි වයසක මහාචාර්යතුමාට ඒ සඳහා විනාඩි 10ක්ම යනවා.
වැඩේ තවත් අමාරු වෙන්නේ මේ පුංචි පාලමට එකවර උසුලා ගන්න පුළුවන් දෙදෙනෙකුගේ බර පමණක් වීමයි. ඊට වඩා වැඩි පිරිසක් පාලමට නැග්ගොත් එය අතර මගදී කඩා වැටෙනවා. ඒ මදිවාට මේ රෑ මීදුමත් නිසා කාටවත් හරි හැටි ඉදිරිය පේන්නේ නෑ. ඒ නිසා පාලම හරහා යනවා නම් අනිවාර්යෙන්ම ලන්තෑරුමක් රැගෙන යා යුතුයි. එහෙම නැති වුණොත් ඔබව ප්‍රපාතයට ඇද වැටෙන්න පුළුවන්. අවාසනාවකට ඔබේ පිරිස සතුව තිබෙන්නේ එකම එක ලන්තෑරුමක් පමණයි. ඒ වගේම ඒකෙන් එළිය විහිදෙන්නේ ඉතා කුඩා ප්‍රදේශයකට පමණයි. දෙදෙනෙක් ලන්තෑරුමත් සමග එකිනෙකාට සමීපව පාලමෙන් එහා පැත්තට ගිහින් නැවත ලන්තෑරුම රැගෙන එන තුරු, මෙහා පැත්තේ ඉන්න දෙදෙනාට පරිස්සමින් පාලම අයිනට වෙලා ඉන්න පුළුවන්.
හැබැයි ඔබට වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. ඔබේ පිරිස ඉක්මනටම පාලම ළඟට ආපු බව ඇත්ත. ඒත් ඔබේ ඉව පාර දිගේ අර දරුණු විකෘති සත්වයාත් ඔබේ පසු පසින් එනවා. මහාචාර්යතුමාගේ ගණනය කිරීම් වලට අනුව ඒ සත්වයාට පාලම ළඟට එන්න විනාඩි 17ක් ගත වෙනවා. ඒ කියන්නේ විනාඩි 17ක් ඇතුළත, ඔබ, ඔබේ සම්පූර්ණ කණ්ඩායමම එහා පැත්තට එතෙර කරවලා වහාම පාලමේ ළණුව කපන්න ඕනේ. හැබැයි අවසාන පුද්ගලයා පාලමේ මැද ඉන්න කොට හරි අර සත්වයා පාලමේ මෙහා කෙළවරට ආවොත් එක නිය පහරකින් පාලමේ ලණුව කපලා දාන්න ඌට පුළුවන්.
හරි. අපි ආපහු පාරක් ගැටළුවේ සාරාංශයක් ගනිමු. එක වරකට පාලමෙන් එතෙර වෙන්න පුළුවන් දෙන්නෙකුට පමණයි. ඒ යන හැම කෙනෙක්ම එක්කෝ තමා ලන්තෑරුම දල්වාගෙන හෝ, ලන්තෑරුම ගෙන යන පුද්ගලයාට වහාම පිටුපසින් හෝ පැමිණිය යුතුයි. එහෙම ගිහින් එනකල් අනෙක් අයට පාලමේ ඕනෑම පැත්තක අඳුරට වෙලා ඉන්න පුළුවන්. අවසාන වශයෙන් විනාඩි 17ක් යන්නට පෙර සියළුමදෙනා පාලමේ එහා පැත්තට ගියොත් පමණයි, ඔබට හැකි වෙන්නේ දරුණු සත්වයා පාලම අසළට පැමිණෙන කොටම එහා කෙළවරේ සිට පාලමේ ලණුව කපන්න.
ඉතින් මේකයි ගැටළුව. ඔබට පුළුවන්ද ක්‍රමයක් යෝජනා කරන්න, විනාඩි 17ක් ගත වෙන්නට පෙර, සියළු දෙනාටම යහතින් එහා පැත්තට ගිහින් පාලමේ ලණුව කපන්න? ඔබේ පිළිතුර පහළින් කමෙන්ට් කරන්න. තනිවම ගැටළුව විසඳන්න උත්සාහ කරනවා නම්, අනික් අයගේ කමෙන්ට් කියවන්නේ නැතුව උත්සාහ කරන්න. බලමු කවුද මුලින්ම පිළිතුර හොයාගන්නේ කියලා,,,,,,,,,,!

Mekedi kothanakawath kiyanne na satha aarakshitha kutiyen eliyata enawa kiyala ,dora ath weradimakin arenawa ,ithin dora aai wahala danawa .so esy😇
ReplyDeleteවිද්‍යාගරයන්හි දොරවල් අරින්න වහන්න සාමන්‍යයෙන් කරන්නේ පාලන මැදිරියක් හරහා,(control room),
Deleteඔයවගේ විද්‍යාගර සත්වයෙක් තත්පරයකට දොර ඇරුනත් පැනගන්න බලනවා,,,,,!!!
Yako ekah🔥😂
Deleteඕක අමාරු වැඩක් නෙවේ...කරන්ඩ බැරි වැඩක්😑
ReplyDeleteහරියට හිතුවොත් පුලුවන්
Deleteතරුනයා ශක්තිමත් නිසා වරකට එකිකෙනා බගින් උස්සන් යනවා.විනාඩ් 6 කින් වැඩෙ ඉවරයි
ReplyDeleteඔතනදී කියලා තියෙන්නේ තරුණයාගේ වේගය ගැන මිසක් ශක්තිමත් බව ගැන නෙමේයී,
Deleteහ්ම්
Delete#Ft
ReplyDeleteහපොයී
Deleteහ්ම්
ReplyDeleteඑකටම මමයි,සහායිකාවයි යනවා....ඊට පස්සෙ මම ආයෙ ඇවිත් මහචාර්ය තුමයි මුරකරයවයි යවනවා.. ඊට පස්සෙ සහයිකාව එනව ලාම්පුව උස්සන්. ඊට පස්සෙ අපි දෙන්නම යනවා.😁😉(2+1+10+2+2=17)
ReplyDeleteහරී බන් මට උබේ නම්බර් එකක් එවහංකෝ,,,,,,,,!
Deleteමුලින් මායි සහයිකාවයි යනවා වි.-2 , මම ආපහු එනවා ලන්තෑරුම අරන් වි.-1, මහාචාර්යයි මුරකරුවයි යවනවා වි.-10, සහායිකාවට ආපහු එන්න කියනවා ලන්තෑරුම අරන් වි.-2, මායි එයයි යනවා වි.-2. ඔක්කොම එකතු කරාම 2+1+10+2+2= 17 //
ReplyDelete