Phoenix OS Install (Phoenix OS ස්ථාපනය කරමු)
සුබ දවසක් වේවා හැමෝටම අද කියල දෙන්න යන්නෙ මොකක්ද මේ Phoenix OS කියන්නේ සහ කොහොමද මේක install කරගන්නෙ කියලා
ඉතින් ගොඩක් අය Android Apps & Games Pc එකේ run කරන්න භාවිතා කරන්නේ Bluestacks,Nox,Memu වගෙ Emulator Softwares මේවා Run කරන්න ගොඩක් Ram එක use වෙනවා මෙි නිසා pc එක stuck වෙන්න බලනවා සහ Game වගෙ ගහද්දි ගොඩක් Lag
ඉතිං මේ Phoenix Os එක අඩු spec තියන Pc වල උනත් අවුලක් නැතුව වැඩ කරනවා.
මේක වැඩ කරන්නෙ වෙනම OS එකක් විදියට
Phoenix OS සහ Windows OS Dual boot විදියට ඔයාලට Use කරන්න පුළුවන්.
Note : විශේෂයෙන් කියන්න ඕනි මේ os එකට dongle direct support කරන්නෙ නෑ ඒකට PPP Widget App එක හරහා පුළුවන්.එහෙම අමාරුනම් WiFi හෝ USB Tethering හරහා ලේසියෙන්ම Internet Connect කරගන්න පුළුවන්.
මෙි OS එක install කරන්න HDD Partition එක ඔයා Windows install කරපු Partition එක හැර අනිත් එකක install කරන්න ඕනි මෙි වැඩේට වෙනම Partition එකක් හදාගත්තනම් ගොඩක් හොදයි නැතත් අවුලක් නැ.
අවශ්ය නම් මෙි link එකෙන් ගිහිල්ලා Software එක අරන් 40GB වගෙ Size partition එකක් හදාගන්න. https://www.easeus.com/ partition-manager
දැන් බලමු වැඩේ කරන විදිය
1.මේ link එකට ගිහන් Download කරගන්න(Android Version 2 තියනවා 7.1 & 5.1 Low spec තියනවනම් 5.1 ගන්න)
Link 1 :- Android Version 7.1 https://mega.nz/#!OKZQEC7b!jLLUn9PC21Y_7Pa5WAQF MP1hydmfYs9HQ15ju1NMhyk Link 2 :- Android Version 5.1 https://mega.nz/#!lD4CWYCT!Grkfsc-KUoTpIGFPTrF5 jq_0gcF95J853GjIJi4u-zM
2.Download කරගත්ත setup එක Open කරගන්න.දැන් Options 3 එයි ඒකෙන් 1 එක install කියන එක දෙන්න.
3.දැන් Data Size එක තෝරන්න 4G,8G,16G & 32G එයි එතන කැමති ගානක් දීල install දෙන්න (32G Recommended)
4.ටිකවෙලාවකින් install process එක ඉවර උනාම Reboot Now කියල එයි ඒක දෙන්න.
5.ඉට පස්සෙ වෙලා boot menu එකක් වගෙ එයි ටික වෙලාවක් ඉන්න.
6.දැන් Language එක English දීල Normal android Device එකක් setup කරන විදියට Setup කරන්න.
හරි දැන් වැඩේ ඉවරයි.දැන් ඕනිම Android App එකක් සහ Game එකක් අවුලක් නැතුව Run කරන්න පුළුවන්.
දැන් බලනව ඇති ආය Windows ගන්නෙ කොහොමද කියල බය වෙන්න එපා Pc එක on කරද්දි Select කරන්න එනවා Boot වෙන්න ඕන. Window ද Phoenix Os ද කියලා.
ගැටළුවක් තියනවනං පහලින් comment කරන්න

No comments:
Post a Comment