💥 *Coding Society ⏩ C.P.U* 😏


            C.P.U (Central Processing Unit) නැත්තන් Processor එක කිව්වම කවුරුත් දන්නවනෙ මොකක්ද කියල. ඉතින ඕනම පරිගණකයක ❤ හදවත නැත්තන් මොළය හැටියට හදුන්වන්නෙ මේ C.P.U එක. ඩෙස්ක්ටොප් පරිගණක වලට C.P.U හදන ජනප්‍රියම සමාගම් 2 තමයි *Intel* හා *AMD* . දැන්නම්, විශේෂයෙන්ම ලංකාවෙ වැඩිපුරම භාවිත වෙන්නෙ Intel Processors තමා. ඒත් මුල්ම CPU එකක් හැදුවෙ AMD සමාගම විසින්. ඉතින් ඒ ඉතිහාසය ගැන මන් මේකෙදි කතා කරන්නෙ නෑ.

              *මේ C.P.U එකේ මූලික කාර්‍ය්ය තමා දත්ත සැකසීම, ඒ වගේම පරිගණකය පාලනය.* මේ සදහා C.P.U එකක මූලික කොටස් දෙකක් අඩංගු වෙනවා. ඒ Arithematic & Logic Unit (අංක ගණිතමය හා තාර්කික ඒකකය) , Control Unit (පාලන ඒකකය) . මීට අමතරව Level 1 Cache එක, Memory Registers යන මතකයන්ද ඇතුලත් වේ.

         🤗 පෝඩ්ඩක් ඉන්න... මන් මේ ලිපිය ලියාගෙන යනකොට (CPU Word Size ගැන) මට තේරුනා මේ ලිපිය කියවන අයට *බිටුව* ක් ගැන මූලික දැනුමක් ලබාදෙන්න ඕන කියල. (ගොඩක් අය දන්නවා ඇති ICT වලට ආස අය එහෙම.., ඒ වගේම දන්නෙ නැති අයත් ඇති, ඉතින්.....) මේ *bit* (බිටුව) කියන වචනෙ හැදිල තියෙන්නෙ 'bINARY DIGit' කියන වචනෙන්, ඉතින් මේ bit 1ක් කියන්නෙ ද්විමය සංක්‍යාවක්(Binary Digit) ඒ කියන්නෙ *1* හෝ *0* නිරූපණයක්.  මේ 1 / 0 කියන එකෙන් අදහස් වෙන්නෙ පරිගණකය තුල 'විදුලිය ඇත' / 'විදුලිය නැත' යන අවස්ථා වේ. (ඉතින් මේ වගේ බිටු දෙකක් කියන්නෙ 2bits, ඒ වගේ බිටු 64ක ද්විමය සංක්‍යාවක් කියන්නෙ 64bits.


🤔 *C.P.U Socket එක කියන්නෙ?*

          Desktop Computers වල මේ C.P.U එක motherboard එකට සම්බන්ධ කිරීමට වෙන් කර ඇති විශේෂ ස්ථානය තමා C.P.U Socket කියන්නෙ. මේ සදහා motherboard එකෙයි C.P.U එකෙයි සහයෝගීතාවයක් තියෙන්නත් ඕන. මේ C.P.U Socket වර්ග තිබෙනවා LGA, PGA....(මේවාත් තව අනු කාණ්ඩ තියෙනවා)


🤔 *C.P.U එකේ 32 bit / 64 bit කියන්නෙ?*

         මේකට Processor Architecture එක කියල හදුන්වනවා. ඇන්ඩ්‍රොයිඩ් වල නම් ARM processors වැනි වර්ගනෙ තියෙන්නෙ. (මේ ලිපියෙදි මන් කියන්නෙ desktop C.P.U සම්බනධවයි) මන් කතාකරන්නෙ desktop ගැන. අපි desktop PC වල ප්‍රධාන ලෙස භාවිත කරන CPU Architecture දෙක තමා 32bit හා 64bit කියන්නෙ. (ඉස්සර කාලෙ 8bit 16bit භාවිත කර තිබෙනවා) මේකටම තමා C.P.U එකේ *Word Size* නැත්තන් 'වදනක ප්‍රමාණය' කියන්නෙත්. මේකෙන් කියවෙන්නෙ CPU එකට එක CPU Cycle එකක් තුළ ක්‍රියාත්මක කළ හැකි උපදෙස් කණ්ඩයක විශාලතවයයි.


🤔 *CPU එකේ Clock Speed කියන්නෙ?*
     
         PC Games Play කරන හැමෝම නම් මේ ගැන දන්නවා ඇති. අපිට ටිකක් ලොකු ඒ කිව්වෙ ටිකක් powerful software එකක් run කරන්කොට අපිට අවශ්‍ය වෙනව හොද Clock Speed එකක් තියෙන CPU එකක්. විසේසයෙන්ම Game වලදිනම්... ඉතින් මේකෙ සදහන් වෙනෙවා '2.4GHz', '3.0GHz', '1800MHz' වැනි අගයන්. ඉතින් මේකෙන් පැවසෙන්නෙ CPU එක විසින් ඒකක කාලයක් තුලදී ක්‍රියාත්මක කරන CPU චක්‍ර (Cycle) ප්‍රමාණයයි.
          ඉතින් මේ CPU Cycle එකක් එහෙම නැත්තන් CPU චක්‍රයක් කියන්නෙ, CPU එක විසින් ප්‍රධාන මතකයෙන් (RAM) උපදෙසක් ලබාගෙන, එය විකේතනය (Decoding) කිරීම (එනම් අවබෝධ කර ගැනීම) හා එම උපදෙස ක්‍රියාතමක කිරීමේ ක්‍රියාවලියයි. මේකටම තමයි Fetch-Execute Cycle (ආහරණ-ක්‍රියාකරවුම් චක්‍රය) කියලත් කියන්නෙ.
           ඉතින් මේ ඒකක කාලයක් තුලදී ක්‍රියාතමක කල හැකි Fetch-Execute Cycle ගානට තමයි CPU එකේ Clock Speed එක කියන්නෙ. මේක මනින්නෙ Hertz වලින්. ඒත් CPU එකේ Clock Speed මැනීමට මේ මිනුම භාවිතය ටිකක් කරදරයි. (1kmක් මිලි මීටර්(mm) වලින් දක්වන්න ගියොත් ඒක් කරදරයිනෙ. ඒ වගේ මේ Clock Speed එක එහෙම් නිරූපණය කරොත් 3GHz වලට එන්නෙ 3000, 000, 000 Hz. ඉතින් මේකම අපිට *3 x 10^9* න් නිරූපණය කරන්න පුලුවන්. මේ 10^9 වෙනුවට අපිට Giga භාවිත කරන්න පුලුවන්. (3GHz) එතකොට හිතාගන්න පුලුවන්නේ ඔයාගෙ CPU එකේ Clock Speed එකාඅ අනුව ඒකක කාලයකදී එය විසින් ක්‍රියාතමක කරන CPU Cycle ප්‍රමාණය...


🤔 *CPU එකේ Cores හා Threads කථාව?*

              Cores යනු Threads  මත ක්‍රියා කරන භෞතික දෘඩාංග වේ. පොදුවේ ගත් කල, ප්‍රොසෙසරයකට වැඩ කළ හැක්කේ එක් Core(හරයක්) එකකට එක් Thread එකක පමණි (හයිපර් නූල් සහිත CPU වලට එක් Core එකක Threds දෙකක් දක්වා වැඩ කළ හැකිය) . Cores යනු සත්‍ය දෘඩාංග අංගයක් වන අතර Threads යනු Task Manage (කාර්‍ය්යන් කළමණාකරනය) කරන Virtual (අතථ්‍ය) අංගයකි. Cores, Content Switching (අන්තර්ගත මාරුව) භාවිතා කරන අතර  Threads, බොහෝ ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීම සඳහා බහු CPU භාවිතා කරයි. Cores (හර) සඳහා අවශ්‍ය වන්නේ සංක්‍යාංක ක්‍රියාවලි ඒකකයක් පමණි.
         නව CPU වල භාවිතා වන්නෙ බහු හර සංකල්පයයි. පැරණි *Intel Pentium IV* CPU එකේ තිබුනෙ එක Core එකයි එක Thread එකයි, ඒත් පසුව පැමිනි *Intel Dual Core* තුල Cores 2ක් තිබුනා. මෙය හරියට ඔබේ පරිගණකය තුල සකසන දෙකක් තිබෙන්වා වැනිය. මෙමගින් ඔබට එවැනි කාර්‍ය්ක්ෂමතාවක් ලබාගත හැක. එසේම *Intel Core 2 Quad* තුල Cores 4ක් ඇත.. මෙමගින් CPU එකට සමාන්තර දත්ත සැකසීමක් කල හැකි බවයි. එනම් ඔබට එකම Program එකක කොටස් වෙන වෙනම Cores තුල සමාන්තරව ධාවනය කල හැක. මෙය තනි CPU එකකට වඩා බල සම්පන්න වේ.


😎 ඉතින් ⏩ අලුත් ලිපියකින් නැවත හමුවෙමු...

No comments:

Post a Comment

ආදරය හා එහි විද්‍යාත්මක පසුබිම

ආදරය හා එහි විද්‍යත්මක පසුබිම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වයස අවරුදු හයේදී, හතේදී විරුද්ධ ලිංගිකයෙකු ලඟින් යන්නවත් අකමැති කාලයක් සමහර වි...